Skip to main content

Posts

Featured

කුමාරයෙක් මොකට රූපයෙන් උතුරන්න.. රජ කිරුලු මොකට හිත තැන් තැන් වල දුවන.. තත්පරෙන් තත්පරය වෙනස් වන ලෝකයේ.. එකම හිතකට පෙම් බදින කුමාරයෙකි නුබ මට.. සිහසුන ලා වැජඹෙන .. හැගීම් අස්සේ වහල් නොවිච්ච.. නිරුවත් ආදරය පපුතුරේ උතුරද්දි.. මගෙ කදුලු මං ළගම හිර වෙද්දි.. නුඹේ අකමැත්තෙන් වුව මන් ගන්නවා අහසෙන් වත් කදු හෙළින් වත් කඩා නොවැටෙන.. දුකට සතුටට උනන නුඹේ කදුල සදහටම.. රළු වදන් සිත් තැවුල් අහලකට වත් නොම එන.. හීන දුන්නට ආදරේට බෑ ඒවට මග පාදන්න පෙරුම් පුරන හැමෝටම.. ගෙදර බුදුන්ට දෙවැනුව.. සැප දුක දෙකෙහිම ආදරෙන් සනහන.. හිත හැදෙන්න වචන ගලපන.. නුඹ නැතිව  මට කොහිද ජීවිතයක්.. දැවෙන හිත නිවාලන ඔබ සදාතනික තනුවක් මගේ හැම අකුරකටම.. ❤️

Latest posts