#මතකද_2009_මැයි_18_ට_කලින්???

තමන්ගේ දෙමව්පියෝ, සහෝදරයො, තමන්ගේ බිරිද, ස්වාමියා ගෙදරින් එළියට ගිහින් ආපහු එනකන් ඇගේ ලේ වතුර වෙලා තිබ්බ අවුරුදු 32ක කාලයක් තිබ්බා මතකද?
තමන්ගේ ආදරණීයයන් ගෙදරින් පිට ඉද්දි එයාලව ආරක්ෂා කරල දෙන්න කියලා දෙවියො බුදුන්ගෙන් ඉල්ලපු අවුරුදු 32 ක කාලේ මතකද?
දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ, සහෝදරයින්ට තමන්ගේ සහෝදරයෝ, දරුවන්ට තාත්තලා, බිරින්දෑවරුන්ට තමන්ගේ ස්වාමියන් අහිමි වෙලා ගිය අවුරුදු 32ක කාලයක් තිබ්බා මතකද?
දස දහස් ගණනින් බුරුතු පිටින් 8 පාස් ආමිකාරයෝ ජීවිතෙන් වන්දි ගෙවපු ඒ අවුරුදු 32 මතකද?
කොටින්ම උතුරුකරයම ලේ විලක් වෙලා තිබ්බ කාලේ මතකද?
මේ වර්ග කිලෝමීටර 65,610ක භූමියට ශාපලත් අවුරුදු 32ක් තිබ්බා කියලා මතකද?
ඊටපස්සේ 8 පාස් ආමි කාරයා වීරෝධාර රණවිරුවා වුණ කාලේ මතකද?

ඒ ශාපේ ඇති කළේ කවුද?

දොරේ අප්පද?
උමා මහේෂ්වරන් ද?
වේලුපිල්ලේ පිරභාහරන් දා?

76 දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ඊළාම් රාජ්‍යයක් ඇති කරගන්න අවශ්‍ය බව කිව්වේ කවුද?
දමිළ ජනතාව වෙන් වී යා යුතු බවට අදහස් සිංහල තරුණයන්ගේ හිත් වල රෝපණය කළේ කවුද?
පාසැල්, විශ්වවිද්‍යාල වලට යන්න හිටපු තරුණ කොල්ලන්ව සයනයිඩ් කරල ගිල්වන තැනට වැඩ කළේ කවුද?

කාලකණ්ණි ,මජර දේශපාලකයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් හමුවේ මේ පොළව ලේ විලක් වුණා.ජාතීන් අතර විරසකයක් ඇති වුණා.අද මෙහෙම අකුරු කරන්නෙත් එදා අපේ නිදහස වෙනුවෙන් රණවිරුවන් කරපු උතුම් පරිත්‍යාගයන් නිසා.
හැබැයි අපි ඒ නිදහස භුක්ති විදින්න පටන් ගෙන හරියටම අවුරුදු 10ක් ගෙවෙන්නටත් කලින් ආයේත් රට අස්ථාවර වෙන්න පටන් ගෙන.මිනිස්සු ආයෙත් ගෙවල් වලට වෙලා භයෙන් සැකෙන් ඉන්න පටන් ගෙන.මුස්ලිම් මිනිස්සුන්ට ජීවත් වෙන්න මේ පොළවේ නිදහසක් නෑ කියල පිටරට මාද්‍යන්ට කියන්න පටන් අරගෙන.

ආයෙත් මේ තත්වේ ඇති කළේ කවුද?

රිශාඩ් ද?
සහරාන් ද?
අබු බකර් ද?

මේ ජඩ දේශපාලන න්‍යාය පත්‍ර වල ඕනෑ එපාකම්. මේ බහු ජාතික රටේ උඹ දෙමළ, උඹ මුස්ලිම්, මම සිංහල කියලා වෙනසක් වුණේ නෑ. නිදහස අපි හැමෝටම එක වගේ තිබුණා.

ඒත් ,
උඹලට ඕන වුණා දමිළ ඊලාම් රාජ්‍යයක් හදා ගෙන අපෙන් වෙන් වෙන්න.
උඹලටයි ඕන වුණේ වෙනම මද්‍රාසා පාසල්, බැංකු, වෙනම විශ්වවිද්‍යාල. කොටින්ම එක වහලක් යට ඉදගෙන උඹල අපි පාලනය වුණේ නීති දෙකකට. උඹලට ඕනෙ වුණේ නෑ ඒ නීති වෙනස් කරගෙන එක නීතියකට එන්න.

මේවට වග වෙන්න ඕන කවුද?
කරුමෙට පහළ වුණ දේශපාලකයෝ.

ජාති භේදයක් නැතිව උඹලා අපේ නිදහස වෙනුවෙන් තමන්ගේ අම්මලා,නෝනලා,දරු පැටව් ටික මොහොතකට අමතක කරලා යුධ බිමේ සටන් කරලා ජීවිත පුදපු ඒ රණවිරුවොත් අපිට ශාප කරාවි ආයෙත් ඒ වගේ සිවිල් යුද්ධයක් ඇති වුණොත්.

පටු දේශපාලකයන්ගේ පඩුරු,පාක්කුඩම්, න්‍යාය පත්‍රයන්ට රැවටෙන ඉත්තෝ නොවී මේ දිනූ පොළොව රැක ගන්න එක සිංහල,දමිළ,මුස්ලිම් අපි කොයි කාගෙත් යුතුකමක්. මේ බිම ආයෙත් ලේ විලක් නොවෙන්නට කටයුතු කරන එක අපි හැමෝගෙම පරම වගකීමක්.

මීට අවුරුදු 10කට කලින් ජාති,ආගම් භේදයකින් තොරව අපි හැමෝම උදා කරගත් මේ මනුෂ්‍යත්වයේ විජයග්‍රහණයට නිසි අර්ථයක් ගෙනෙන ලෙස කටයුතු කළ යුතුයි.
නූපන් දරුවාට ඒකීය මාතෘ භූමියක් උදා කර දෙන්න මරණයට අත වනමින් යුධ බිමේ සටන් කරලා අනාගතය වෙනුවෙන් නිදහසේ හුස්ම ගන්න, ජාත්‍යන්තරය ඉදිරියේ දණින් නොවැටෙන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ඒ අභීත රණ විරුවන් ප්‍රාර්තනා කරන අමා මහා නිවන් සුව ලැබෙන්නට ඒ පින් මහිමයම හේතු වාසනා වේවායි මේ උතුම් වෙසගේ පතමු...!!!

-නවෝද්‍යා ගමගේ-

Comments

Popular Posts