රටක මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය.

මාධ්‍ය ආයතනවලට සේම එහි සේවය කරන මාධ්‍යවේදීන්ට ද සිය මාධ්‍ය කටයුතු කිසිදු තර්ජනයකින් පෙළඹවීමකින් තොරව අන්‍යාකාර බලපෑමකින් තොරව ස්වාධීනව කරගෙන යාමට නිදහසක් තිබීම වැදගත් වේ.මාධ්‍ය නිදහස යන අලුත් සංකල්පය කරලියට පැමිණෙන්නේ මෙවන් පසුබිමක් තුළ ය.මාධ්‍ය නිදහස යන සජකල්පය මාධ්‍ය ආයතන බාහිර බලපෑම් වලින් තොර විය යුතු ය.

යම් රටක මාධ්‍ය නිදහසක් පවතී නම් එරට ප්‍රජාතන්ත්‍රවාදය ස්වයංක්‍රීයව පහළ වන බවට දේශපාලන සංකල්පයන් පවතී.රටක් හෝ රාජ්‍යයක් යනු ව්‍යවස්ථාදායකය ,විධායකය ,අධිකරණය යන ආණ්ඩු ත්‍රිත්වයේ එකතුව වන අතර මෙම තෛආණ්ඩුව සිය කටයුතු නිසි ආකාරව ක්‍රියාත්මක කරන්නේ දැයි විමසා බලන සිව්වන ආණ්ඩුව ලෙස මාධ්‍ය ක්‍රියා කිරීම මීට හේතුවයි.එබැවින් යම් රටක මාෂ්‍යයට මෙම විමර්ශන න්‍රියාවලියට ඉඩක් නොමැති නම් ජනතාවගේ පරමාධිපත්‍ය සිය නියෝජිතයන් විසින් නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම ට ජනතාවට ඇති ඉඩ ද ඇහිරී යයි.එවිට ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය අඩපණ වී යයි.ජනතා නියෝජිතයින් , රාජළු ආයතන හා රාජ්‍ය සේවකයින්විසින් සිදු කරන වංචා දූෂන අක්‍රමිකතා.පිළිබද සත්‍ය තොරතුරු ජනතාවට ලබා ගැනීමට නම් නිදහස් මාධ්‍ය රටකට තිබීම අත්‍යවශ්‍ය වේ.එහෙත් අනෙක් අතට මාධ්‍යයට වල්බූරු නිදහසක් ලැබුනහොත් රාජ්‍ය රහස් හා දත්ත හෙළිදරවු වීමෙන් ද ගමාක හා වාර්ගික සහජීවනය බිද වැටීමෙන්ද මුළු මහත් සමාජයම අනතුරකට ගොදුරු වීම සිදු විය හැක.එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලට ති සීමා කිරීම් මගින් ද සහතික කර තිබේ.එසේම වර්තමානයේ සමාජ ජාලා වෙබ් අඩවි වලසීඝ්‍ර ව්‍යාප්තියක් සමග පුරවැසි මධ්‍ය කලාව ලොව කරලියට පැමිණ තිබේ.එහි ප්‍රථිඵලයක් ලෙස හුදී පුරවැසියන් හුදු මාධ්‍යවෙදීන් බවට පත්ව තිබීමත් සමග කටකතා මඩ ප්‍රචාර හා හිතලු පුවත් ලෙස අභිසෙස් ලබමින් ජන මනස විකෘති කිරීමෙ ආනිශංස ආමික හා වාර්ගික අරගලයක දුමාරයකින් නිමා විය හැක.

ඒ අනුව මාධ්‍ය නිදහස රටනට අත්‍යවශ්‍ය වන අතර ස්වයං සීමාවන් සහිතව ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය නිසියාකාරව පවත්වා එය බෙහෙවින් ඉවහල් වේ.මාධ්‍යවේදීන් සියත පවතින පෑන නම් වූ අසිපත සිය සිරස මෙහෙයවමින් ස්වාධීනව භාවිතා කරමින් ද ලෝ දියත මත ලක් දෙරණ බැබලවීමට ක්‍රියා කිරීම මාධ්‍ය නිදහසේ අග්‍ර ඵලයම වෙයි...


Comments

Popular Posts