ඔල්මාද වූ ලෝකයේ උන්මාද වූ සෙල්ෆියක් කළ විපත...
කාර්මීකරණයත් සමග කාර්‍යබහුල ජීවන චක්‍රයකට පණ පෙවීමට සිදු ව ඇති මිනිසා ධනවාදයට මැදිව ආර්ථික අර්බුධය හා ගැටී වේගවත් ජීවන ක්‍රමයකට අන්තර්ග්‍රහණය වී ඇත. එමගින් ඇතිවන අසහනකාරී පීඩාව මදකට හෝ සංසිදුවා ගැනීම පිණිස නූතන තාක්ෂණය සමග අත්වැල් බැදගෙන ඇත්තේ ඇසිපිය හෙලන්නටත් මත්තෙන් ය. නූතන තාක්ෂණය හා එහි වත්මන් ප්‍රවණතා පිළිබද ව විමසන විට සෙල්ෆිය යනු ලොකු කුඩා කවුරුත් දන්නා ජංගම දුරකතනය ට අලුත කැන්දන් ආ මනාලිය යි. සෙල්ෆිය හුදෙක් සංස්කෘතියක් බවට පත්වන්නට ද වැඩි කාලාන්තරයක් ගියේ නැත. ජංගම දුරකතනය තුළ කරන්නට දේවල් අවසන් යැයි සිතූ මොහොතක මොබයිල් ෆෝන් මාර්කට් එක නොවැටී පවත්වා ගෙන යාමට ආ නවතම කන්සෙප්ට් එක ලෙස ද සෙල්ෆිය සමාජ ගත කළ හැක. නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල්‍යය උත්සවයේදී ඇමෙරිකානු ජනාධිපති, එංගලන්ත අගමැති හා ස්වීඩන් අගමැතිනිය ගත් සෙල්ෆිය මුළු මහත් ලෝකයම ආන්දෝලනයකට පත් කළේ රාජ්‍ය නායකයින්ට පවා සෙල්ෆියෙන් ගැලවීමක් නොමැති බව පසක් කරවමිනි. ඔල්මාද වූ ලෝකයේ සෙල්ෆිය උන්මාදයක් බවට පත් ව ඇත්තේ එලෙස ය.
ග්‍රීක ජන කතාවක එන නාසියස් නම් කුමාරයෙක් තම උද්‍යානයේ ඇති පොකුණ අසලට වී පොකුණු ජලයේ වැටී ඇති තම රුව දෙස නොනවත්වා වැඩි කාලයක් බලා සිටියේ ලු. තමාගේ රූපයට දැඩිව තමා ම අනන්‍ය වීම නාසියස් සංකීර්ණය ලෙස එදවස පටන් හැදින්වූ අතර සෙල්ෆිය යනු නූතනයේ නාසියස් හැඩය ගත්තා වූ එක් මායාවකී. යුරෝපයේ කාර්මික විප්ලවයට සමගාමී ව දුර බැහැර කෙනෙකුට පණිවුඩ යැවීමෙන් ආරම්භ වූ දුරකථනයට අද ඉදිරිපස කැමරාව එක් වීමෙන් තමන් ගේම සේයා රූ ගෙන තමන් ම වින්දනය කර අහිංසක සතුටක් භුක්ති විදින තැනට පත් ව ඇත. ඒ සතුට ත්‍රාසජනක මොහොතක් වීමට වැඩි කාලයක් ගියේ නැතුයේ රේල් පාරේ සෙල්ෆි ගැසීමට ගොස් දුම්රිකට බිලි වූ තරුණයෙකු ගැන මෙන්ම දිය ඇල්ලට වැටී මිය ගිය තරුණයෙකු ගැන මාධ්‍ය වාර්තා කර තිබූ පුවත් විපරම් කිරීමෙනි.
එදා ගඩොලක හැඩයෙන් ආ ජංගම දුරකතනය අද ස්මාර්ට් ෆෝන් බවට පත් වී කළ විපතක මහත ඇමෙරිකා මනෝ විද්‍යා සංගමය ( APA ) විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අපූරුවට දැක්වේ. ඔවුන් පෙන්වා දෙන්නේ සෙල්ෆිය ලොව පුරා මානසික රෝගීන් බිහි කරන බවයි. සෙල්ෆි තුළින් මිනිස් මනසේ ඇති වන එම ව්‍යාධිය Selfitis නමින් හදුන්වයි. මෙම රෝගයේ අවස්ථා තුනකී. Borderline, Acute, Chronic යනු එම ත්‍රිත්වයයි. APA පවසන්නේ දිනකට සෙල්ෆි දහයකට වැඩි ප්‍රමාණයක් ගෙන එය සමාජ ජාල ගත කරයි නම් එය රෝගයේ මූලාරම්භය බවයි. සෙල්ෆිය යනු හුදෙක් මිනිසාගේ මනසේ හිස්තැන් වසන් කරන මුවාවෙන් තව හිස්තැන් ඇති කරන්නට සමත් ක්‍රමවේදයකී.
Vincent Van Gogh නම් මනෝ වෛද්‍ය වරයා පෙන්වා දෙන්නේ සෙල්ෆි ගැනීම තුළින් මානසික අසමබරතාවය ඇති වන බවයි. ලිංගික ඇසුර පවා සමාජයට නිරාවරණය කර විකෘති ආශයන් සංසිදුවා ගැනීමට ද සෙල්ෆිය භාවිතා කරයි. එවැනි පුවත් ඕනෑතරම් ඉතා මෑත කාලයේදි වුව වාර්තා වී ඇත.
භාෂාවක් රහිත ලෝකයක සිට භාෂාවක් සහිත ලෝකයකට පියමං කළ මිනිසා එදා ඇගයූයේ සමාජය විසින් ය. නමුත් අද සිදු වන්නේ තමන්ගේ බෙරය තමන්ම වයා ගැනීමයි. එවිට සෙල්ෆිය යනු එම පිය ගැට පෙළේ පළමු පියවරයි.
තමන්ගේ සෙල්ෆිය ට තමන් ම වශී නොවී අවට ලෝකය දෙස පියවි ඇසින් විපරම් කළ යුතු කාලය උදා වී ඇත. සෙල්ෆි ගැනීමෙහිලා එය වරදක් හෝ නරකක් නොවේ. නමුත් තත්වය හමුවේ සීමාව තීරණය කළ යුත්තේ ඔබම ය.
-නුවී-

Comments
Post a Comment