• ආර්ථික සංවර්ධනය යනු යම් රටන ආර්ථික වෘද්ධියේ සිදුවන වෙනස්කම් වලට සමගාමීව සමස්ත ආර්ථිකයේත් සෞඛ්‍ය අධ්‍යාපන හා සමාජ සාධාරණත්වය ඇතුළු මුළු මහත් සමාජ සන්දර්භයේම ස්දු වන්නා වූ අඛණ්ඩ වර්ධනය වේ.එය වූකලී පරිණාමන ක්‍රියාවලියක් පෙන්නුම් කරන්නකි.මාණාත්මක හා ගුණාත්මක යන ස්වරූප දෙකෙන්ම වෙනස්කම් මීට ඇතුළත්ය.ආර්ථික වර්ධනය හා සංවර්ධනයඑක ලෙස ගත් කල එක් සංකල්පයක් ලෙස පෙනුණ ද එය එකිනෙකට වෙනස් සජකල්ප දෙකකි.එන්ම් සැබැවින්ම ආර්ථික වෘද්ධියකින් තොරව ආර්ථික සංවර්ධනයක් ඇති කරගත නොහැක.
ආර්ථික සංවර්ධනය කරා වූ ගමනේ කිසියම් රටක් ඒ සමග ආර්ථික ස්ථායිතාවය දෙස ද විචක්ෂණ බුද්ධියෙන් බැලිය යුතු ය.ආර්ථික ස්ථායිතාවය යනු යම් රටක පවතින ආර්ථික වර්ධනය ,මිල මට්ටම ,ගෙවුම් ශේෂය ,විදේශ සංචිත අයවැය හිඟය හෝ විදේශ ආයෝජන ප්‍රබල උච්චාවචනයන්ගේ තොරව ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම වේ.මේ අනුව ආර්ථික සංවර්‍ධනය නම් වූ මාළිගාවේ පියගැට පෙළ වන්නේ ස්ථායිතාවයි.පියගැට පෙළ ශක්තිමත් නොවුනහොත් මාළිගාව කෙතරම් වටිනා වුව වුවද එහි ස්ථිර පැවැත්මක් දැකිය නොහැක.සංවර්ධනය දෙස පමණක් නොව අත්පත් කරගත් සංවර්ධනය ස්ථායිතාවයෙන් පවත්වා ගැනීම ද රටකදැවැන්ත කාර්යයකි.
කිසියම් රටක ජාත්‍යන්තර මූල්‍ය තත්ත්වය ;ගෙවුම් ශේෂ සහ විදේශ සංචිත මඟින් පිළිඹිබු වේ.එම නිසා රටට අඛණ්ඩව විදේශ ආයෝජන ගලා ඒමට සැලැස්වීම මගින් එම රටවල දිගුකාලීන ආර්ථික සංවර්ධන උපාය මාර්ගගයන් ලෙස වැදගත් වේ.සංවර්ධනය වෙමින් පවතින රටවල විදේශ ආයෝජන මහත් ශක්තියකි.එම රටවල ජාතික නිෂ්පාදනය වේගවත් ව වර්ධනය කිරීමට ර්මික සංවර්ධනයට සේවා වියුක්ති ප්‍රශ්නය විසඳා ගැනීමට සහ නවීන තාක්ෂණයට හුරුවීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා විදේශ ආයෝජන මත යැපෙයි.ශ්‍රී ලංකාව 1978 විදේශ සෘජු ආයෝජන $ 3840000 දක්වා වැඩිකර ගෙන ඇත.ගෝලීය ආර්ථිකයේ වරින් වර හටගත් පසුබැසීම් මේ සදහා බලපා ඇත.
යම් රටක ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමටත් ලැබූ සංවර්ධනය ස්ථාවර ට්ටමකින් පවත්වා ගැනීම සදහාත් ආයෝජන වැදගත් වේ.ආයෝජන දෙයාකාර වේ .එනම් දේශීය හා විදේශීය වශයෙනි.යෙන් විදේශීය ආයෝජන වැදගත් වේ.මන්ද විදේශ තාක්ෂණයද ඒ සමඟ ගලා එන බැවිනි.
කිසියම් රටන ආර්ථික සංවර්ධනය මෙන්ම ආර්ථික ස්ථායිතාවත් ඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා විසේශ ආයොජන මහත් ශක්තියකි.එම නිසා හැකි සූම විටම රජය උත්සහා ගත් යුත්තේ විදේශ ආයෝජනය අත්හිටුවා ගැනීමේ තත්ත්වයෙන් මග හැර ඒවා දිරිමත් කොට ගෙන මනා ලෙස කළමනාකරණය කර ගැනීමයි.එම නිසා අපට අවසාන වශයෙන් කිව හැක්කේ යම් රටක ආර්ථික සංවර්ධනය හා ස්ථාටිතාවයේ මල් නෙළා ගැනීමට නම් ආර්ථිකය නම් වූ අංශයට විදේශ ආයෝජන නම් වූ පොහොර සම්පාදනය කළ යුතු බවයි.
[සරලා සමන්මලී ]
Comments
Post a Comment