#අම්මා කියන වචනේ ඇහුණත් හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. අන්න ඒ සැනසීම අකුරු වලට පෙරලන්න පුලුවන් ජගතෙක් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති. ගිනියම් ඉරට කලින් ඇහැරීගෙන ලිපෙන් නැගෙන දුම් වලාවට හුරුවෙච්චි ඒ හිත හැමදාම පැතුවේ දරුවන්ගේ ජය,සතුට විතරමයි. අම්මෙක් ගෙ හිනාවක් අගිස්සෙ කදුලු කැට පිපුණෙත් අන්න ඒ දරුවන්ගේ අභිසෙස් ළග විතරමයි. අම්මා කියන වචනෙ ඇහුණත් ඇති රෝම කූප පවා කෙලින් වෙන්න. ඒ තරමටම අම්මා අපේ ජීවිත වලට ලෙන්ගතුයි. ප්‍රසව වේදනාව දරාගෙන අවසන තමන්ගේ ලේ කැටියා දිහා බලලා හිනා වෙන්න පුලුවන් තරම් ආදරයක් අම්මෙක් ගෙ හදවතේ කොහොම නන් ඉපදුණාද කියලා හිතෙන වාර අනන්තයි.
ඔව්, ඒකයි අම්මලා මතු බුදු වෙන්න ඕන කියන්නෙත්..
අම්මා කියන්නෙම දිගම දිග කවක්..
ඔව්,
කියවලා කදුලු ගගක් වගුරුවන්න පුලුවන් කවක්..
ඇය හැමදාම වින්දේ දරුවෝ වෙනුවෙන් දුක විතරක්..
දුන්නොතින් ඉල්ලන්න දෙවියො මට වරමක්..
ඉල්ලමි'යි ඉන්න නුඹ තව වසර සියයක්.. 💜
ඔව්, ඒකයි අම්මලා මතු බුදු වෙන්න ඕන කියන්නෙත්..
අම්මා කියන්නෙම දිගම දිග කවක්..
ඔව්,
කියවලා කදුලු ගගක් වගුරුවන්න පුලුවන් කවක්..
ඇය හැමදාම වින්දේ දරුවෝ වෙනුවෙන් දුක විතරක්..
දුන්නොතින් ඉල්ලන්න දෙවියො මට වරමක්..
ඉල්ලමි'යි ඉන්න නුඹ තව වසර සියයක්.. 💜
- නවෝද්‍යා ගමගේ-

Comments
Post a Comment