බැදීම් අතර හිර වූ ජීවිත...

අප ජිවත්වන සමාජය තුළ විවිධාකාර පුද්ගලයෝ ජිවත් වෙති. තමන් හිතන හිතන දේ කිරීමටවත් තමන් හිතන හිතන දේ ලබන්නටවත් අවස්ථාවක් අපට නොලැබේ. අපි බොහෝ ආදරය කරන පුද්ගලයන් සමග එකට ජිවත් වන්න පසු කාලීනව වනවිට ඔවුන් අපට කෙතරම් ප්‍රිය කළත් ඔවුනගෙන් ඈත්වෙන්න හෝ ඔවුන් අපෙන් වෙන්ව යයි. ඒ ජිවත්වන්න වන පුද්ගලයන්ගෙන් ලබන්න ඕන සෙනෙහස අපට ඒ විදිහට එනම් අපි කලින් එකට ජිවත් වුන පුද්ගලයන් සමග වු සෙනෙහස අපට නොලැබේයි. එවිට හිතට බොහෝ පීඩා දැනෙයි. එය ස්වභාවයයි. එය දරා ගන්නට නොහැකි වන අවස්ථා ද ඇතිවන්නට හැක.
ජිවිතය වුවද එපා වන්නට පුලුවන්. උදාහරණයක් ලෙස පිය සෙනෙහසට මැදි වූ කුඩා දරුවා යම් වයසකට එළබෙන විට පියාට අකල් මරණයකට මුහුණ දෙන්නට වුනොත් මුළු ජිවිත කාලය තුළම ඒ ළද පිය සෙනෙහස මේ දරුවාට ලැබේන්නෙ නැත. එම දරුවා ජිව්ත කාලය තුළම එය විදවනවා. මැරී මැරී උපදිනවා.
එහෙත් පසුව ලද පුද්ගලයන් කොතරම් උපකාර කළත්, කෙතරම් ඉගැන්නුවත් පෙර ළද සෙනෙහස ලැබෙන්නේ නැත. එය දැනෙන්නේ ඒ දරුවාට පමණි. රැවුම් ගෙරවුම් වීවෙක මැද ගෙවන මේ දරුවාට කුමන සෙනෙහසක් ද? ඔහු ඇය ජිවත්වන සමාජයට මෙම දරුවාව පවා හදුන්වා දෙන්නෙ වීවේචනාත්මක ස්වරූපයෙන් නම් ඒ සමාජයටත් ඔහුව අප්‍රිය සහගත කරන විට කුමන සැපක් ද?
සැබෑ ආදරය නොලැබෙන විට කොතරම් ඉගැන්නුවත්, කෙතරම් කැපවීම් කළත් ඒ සියල්ලම ඵලක් නැත. ඉගෙනීමක් නොමැති වුණත් කිසිත් නොමැති වුණත් පෙර ලැබු කලින් වු පිය සෙනෙහස කෙතරම් වටින්නේ දැයි සිතේ. බැදීම් ඇති වන විට දුක කෙතරම් ද යැයි තම පියා තමාව බාලවයසේදීම හැරදමා මරණය වැළඳ ගන්නා විට දැනෙන දුක දැනෙන වේදනාව මුළු ජිවිත කාලයටම බලපානවා.
ඉතිං මේ සෙනෙහසත් අහසයි පොළවයි ලෙස වැටහෙයි. මානසික දුක්විදින ජිවිත ඇතිවෙන්නේ මේ වගේ හේතු නිසාය. උපාධි පිට උපාධි ගැසුවත් මේ වගේ සතුටක් නැති, සංවේදී ජීවිත නිසා මානසික වැටීම් වලින් පීරි, සෙනෙහස විදින්නට නැත්තම් කුමට ද?
ජිවිතවල අරුත වටහා ගත යුතුය. එවැනි අයට සෙනෙහස ආදරය වචනයෙන් යුතුව නිතරම තලාපෙළා දමන්නැතිව සුහදව ජිවත් වීමට ඉඩ සලසා දිය යුතුය. කෙතරම් බර කරට අරන් කළත් කිසිත් ගුණයක් නොමැති නම් එය කුමට ද? මෙලෙස පුද්ගලයන් විවිධාකාර චරිත වලින් මුණ ගැසෙයි. ඒ සියලු දෙනා සමග ද වාසය කරන්නට සිදුවෙයි. ප්‍රියයන් නිසා මුළු ජිවිතයට විදවුව ද එහි ද අරුත් වටහා ගත යුතුය.
-ඉෂාරා-

Comments

Post a Comment

Popular Posts