දියණියේ නුඹ උපන් වේලෙහි
මගේ හදවත ගොළු වුණා
නුඹේ කිරිකැටි මුහුණ දුටු විට
මගේ අම්මව සිහි වුණා
කැකෑරී ආ සියුම් රිදුමක්
මගේ හිත තුල තෙරපුණා
මා උපන් විට මගේ අම්මත්
මෙහෙම වෙන්නැති සිහිවුනා
දියණියක ලෙස උපන් අරුමෙන්
කෙදින හෝ දවසක ලොවේ
මා විදින ලද වේදනාවන්
උරුම වෙයි නුඹටත් දුවේ
මවුපියන් හැර හිමිගෙ සෙවණට
නුඹත් මා මෙන් යයි දුවේ
මතක් වීමෙන් එකී අරුමය
මා දෙනෙතෙ කඳුළැල් දෙවේ
ගැහැණු හිත සුන්දරයි එනමුත්
බොළඳ වන්නට නම් එපා
වෙනකෙකුගෙ සෙනෙහසක් හමුවේ
මඟ වරද්දා ගනු එපා
හැඟුම් අතරේ මංමුලා වී
ලොව හිනස්සනු නම් එපා
මවුපියන්ගේ නාමයන් වෙත
නිගා වන්නට දෙන්නෙපා
ගුනෙන් නැණසෙන් අසිරි ගෙන මතු
ගොඩ නගනු මැන ජීවිතේ
පතිනි සරසවි වරම් ලැබගෙන
අභිමනින් යනු හිමි වෙතේ
ගැහැනියක ලෙස නුඹේ මෙහෙවර
ඉටුකරනු දිවි මාවතේ
මව්ගෙ ඔවදන් නුඹේ දුවටත්
කියා දෙනු මැන මගෙ පුතේ.....
- හෂු-
මගේ හදවත ගොළු වුණා
නුඹේ කිරිකැටි මුහුණ දුටු විට
මගේ අම්මව සිහි වුණා
කැකෑරී ආ සියුම් රිදුමක්
මගේ හිත තුල තෙරපුණා
මා උපන් විට මගේ අම්මත්
මෙහෙම වෙන්නැති සිහිවුනා
දියණියක ලෙස උපන් අරුමෙන්
කෙදින හෝ දවසක ලොවේ
මා විදින ලද වේදනාවන්
උරුම වෙයි නුඹටත් දුවේ
මවුපියන් හැර හිමිගෙ සෙවණට
නුඹත් මා මෙන් යයි දුවේ
මතක් වීමෙන් එකී අරුමය
මා දෙනෙතෙ කඳුළැල් දෙවේ
ගැහැණු හිත සුන්දරයි එනමුත්
බොළඳ වන්නට නම් එපා
වෙනකෙකුගෙ සෙනෙහසක් හමුවේ
මඟ වරද්දා ගනු එපා
හැඟුම් අතරේ මංමුලා වී
ලොව හිනස්සනු නම් එපා
මවුපියන්ගේ නාමයන් වෙත
නිගා වන්නට දෙන්නෙපා
ගුනෙන් නැණසෙන් අසිරි ගෙන මතු
ගොඩ නගනු මැන ජීවිතේ
පතිනි සරසවි වරම් ලැබගෙන
අභිමනින් යනු හිමි වෙතේ
ගැහැනියක ලෙස නුඹේ මෙහෙවර
ඉටුකරනු දිවි මාවතේ
මව්ගෙ ඔවදන් නුඹේ දුවටත්
කියා දෙනු මැන මගෙ පුතේ.....
- හෂු-
Comments
Post a Comment