පියලි පාවඩ සැදුණු මාවත
ඇඟිලි තුඩු මත ගෑවි ගෑවී
උණුහුමට මුහු වෙවී මා ලඟ
ඉතින් රන්කඳ යන්න එනවද...
තුහින සේලය ඇදුණු ගුවනත
දෙබෑ කරගෙන වඩින තුරු සඳ
නිශා යාමෙක තරුත් ගැන ගැන
අඳුරු අහසක තනිත් වෙන්නද...
දකින හැමවිට හොරෙන් බලලා
උමතු ආලය සපථ කරගෙන
තියුණු උල් කටු වලින් හදවතෙ
උඹේ නම මං ලියා ගන්නද...
ක්ෂිතිජ මායිම ලඟට වී දුර
මිරිඟුවක් සරි නුඹේ ආලය
සසර හමුවන දවස එනතෙක්
ඇඟිලි ගැන ගැන බලන් ඉන්නද...
-සරලා සමන්මලී-
ඇඟිලි තුඩු මත ගෑවි ගෑවී
උණුහුමට මුහු වෙවී මා ලඟ
ඉතින් රන්කඳ යන්න එනවද...
තුහින සේලය ඇදුණු ගුවනත
දෙබෑ කරගෙන වඩින තුරු සඳ
නිශා යාමෙක තරුත් ගැන ගැන
අඳුරු අහසක තනිත් වෙන්නද...
දකින හැමවිට හොරෙන් බලලා
උමතු ආලය සපථ කරගෙන
තියුණු උල් කටු වලින් හදවතෙ
උඹේ නම මං ලියා ගන්නද...
ක්ෂිතිජ මායිම ලඟට වී දුර
මිරිඟුවක් සරි නුඹේ ආලය
සසර හමුවන දවස එනතෙක්
ඇඟිලි ගැන ගැන බලන් ඉන්නද...
-සරලා සමන්මලී-
තියුනු උල් කටු වලින්...
ReplyDeleteඋමතු ආලය.....
ReplyDeleteනියමයි සරලා. දිගටම ලියන්න