-තුච්චම වෘත්තිය නීතඥ වෘත්තිය නොවේද..
අසාධාරණයට ලක් වූවන්ට යුක්තිය ඉටු කර දෙන වෘත්තිය තුච්චම වෘත්තිය නොවේද?
කාළකන්නි දේශපාලුවන්ගේ බලපෑම් වලින් මූලික අයිතිවාසිකම් කඩ වන විට පෙනී සිටින යුක්තිය ඉටු කරවාදෙන වෘත්තිය තුච්චම වෘත්තිය නොවේද?
සොර සතුරන් පැමිණ තමන්ගේ දේ කඩාවඩා ගත් විට නැවත ලබා දෙන වෘත්තිය තුච්චම වෘත්තිය නොවේද?
දෙමාපියන් නොසලකන දරුවන්ට දරුවන් නොසලකන දෙමාපියන්ට සරණ සොයා දෙන වෘත්තිය තුච්චම වෘත්තිය නොවේද?
පිරිසිදු යැයි සම්මත මිනිසුන් ඔබෙන් වංචා කළ විට ඔබට වන්දි ලබා දෙන වෘත්තිය තුච්චම වෘත්තිය නොවේද?
ඔවුන් ඔබේ හිතෛෂින් මරා දැමූ විට ඔබට යුක්තිය ඉටුකොට ඔවුන්ට දඬුවම් ලබා දීමට කැප වන වෘත්තිය තුච්චම වෘත්තිය නොවේද?
කැලෑ පාලුවන් පරිසරය වනසන විට එය බේරා ගැනීමට දිවි හිමියෙන් කැප වන වෘත්තිය තුච්චම වෘත්තිය නොවේද?
ඔබේ ලෙයින් උපදින ඔබේම සොයුරන් ඔබෙන් අයිතිය උදුරා ගන්නා ඉඩමට අයිතිය සුරක්ශිත කර දෙන වෘත්තිය තුච්චම වෘත්තිය නොවේද?
වෛද්‍ය වෘත්තිය මෙන් සියල්ලෝම ඇතුල් වීමට තනන එසේ බැරිනම් විවාහ කර ගැනීමට බලන ඒත් බැරි නම් දරුවන් ලවා හෝ සැබෑ කර ගැනීමට බලා සිටින සිහින වෘත්තිය තුච්චම වෘත්තිය නොවේද?
නීතීඥයෙක් කියන්නේ උසාවියේ ඔලුව නමල ස්වාමීනී අරකයි මේකයි කියල සල්ලි හම්බ කරන එක අත්සනක් ගහල හම්බ කරන එක කියලයි මිනිස්සු හිතන් ඉන්නේ.. ඒත් මිනිස්සුන්ට පේන්නෙ නෑ.. නීතීඥයෙක් උසාවියට උස්සන් එන ෆයිල් මිටිය ඇතුලේ නිදි වර්ජිත රත්‍රීන් කැප කරන ලද පවුලේ සතුටු සාමීචි කොයි තරම් තියෙනවද කියලා..
නීතීඥය එන කාර් එක විතරක් මිනිස්සුන්ට පෙනුනට පේන්නෙ නෑ ඒ කලු කබාය අසරණයන්ට යුක්තිය ඉටු කරන්න කීපාරක් නොමිලේ පෙනී ඉඳල ඇත්ද කියලා..
පිටට පේන සැපවත් ජීවිතය දැක්කට කාටවත් පේන්නෙ නෑ නඩුවක් දිනවන්න සති ගනන් මාස ගනන් අවුරුදු ගනන් නීති පොත් අස්සේ දිය වෙන ජීවිතය..
දින්නත් පැරදුනත් ලැබෙන සල්ලි දකින මිනිස්සුන්ට පේන්නෙ නෑ දිනවන්න දරන උත්සහය ඒකට කරන හැදෑරීම..
ඒත්..
තමන්ගෙ දුව පුතා ලෝය කෙනෙක් වුනොත්, ලෝය කෙනෙක් කසාද බැඳ ගත්තොත් බලන්න තිවුනා ආඩම්බරෙන් ගුන වයන අපූරුව..
❣️❣️❣️❣️❣️

Comments
Post a Comment