-භය-
ඇත්තටම භය කියන්නේ මොකක්ද? එක එක්කෙනාට භය දැනෙන විදිය වෙනස්.භය වෙන විදියත් වෙනස්. #සිතාරා සමනලුන්ට 🐝බය වෙද්දි #දුලංග අයියා බය ම මෙරිගෝ රවුන්ඩ්🚨🎡 යන්න. පෝස්ට් මෝටම් වලටත් ඉන්න #දෙව් අක්කා බය හොල්මන් 😱වලට.ඒ කියන්නේ හොල්මන් කියලා කියන ෆිල්ම් බලන්න. ඇත්තටම ගොඩාක් දෙනා හොල්මන් වලට බය යි..ඊටත් වඩා ඒ ගැන කියවෙන ෆිල්ම් බලන්න බය යි. 😨ලංකාවේ නන් හොල්මන් චිත්‍රපට කියලා හැදුණු බන්ධනය ,zoom, මායා,ස්පන්දන වගේ ඒවාට හිනා යනවා. ඒවාට කොමඩි ෆිල්ම් කියන ලේබල් එක ගැහුවත් වරදක් වෙන් නෑ. 😥Raaz,Dead Silence,Friend Request,The Conjuring,I saw the Devil,Pizza,28 days later,Alone,Before Annabella වගේ චිත්‍රපටිත් ඒ කියන තරම් ම බය දනවන ඒවා නෙමේ. ගොඩක් වෙලාවට යක්කු👻🌴 ගස් නගින වෙලාව බලල මහ රෑ එකට දෙකට හොස්ටල් එකේ එහා කෙළවරේ ඉදන් මේ කෙළවරට යන කිසිම දවසක ඔය කියන හොල්මනක් නම් මීට් වුණේ නෑ.👏හැබැයි දවසක් ෆස්ට් ඉයර් එකේ ඉද්දි නන් මටයි සී ටයි වුණ සිද්දියෙන් නන් මන් හොදටම බය වුණා. 😲ඒ කොහොම වුණත් ත්‍රිපිඨකයේ භය සූත්‍රයේ සදහන් කරලා තියෙන්නේ භය යනු යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම යි කියලා..
භය කියන අකුරු දෙක මගේ ජිවිතේට නන් අදාළ වෙන්නේ වෙන විදියකට. ඇත්තටම මන් බය යි තමා.වෙන මොකටවත් නෙමේ මිනිස්සුන්ගෙන් කතා අහගන්න. 😷පොඩි කාලේ ඉදලම මන් බය යි වැරදි කරන්න.අම්මා ඒ කාලේ කිව්වා හැමදාම පහන තියලා බුදුන් වදින්න ඕන.හැබැයි වැරදි කර කර හැමදාම පහන තියලා හැමදාම පන්සල් ගියත් වැඩක් නෑ කියලා.වැරදි කරලා මිනිස්සුන්ගෙන් කතා අහන්න මන් බය යි. 🙏සමහරු කිය යි කාගේවත් කටවල් වලට බයේ වැඩ කරන්නේ කොහොමද කියලා. තවත් සමහරු කියයි රට වට කර වැට බැන්දත් කට වට කර වැට බදින්න බැරි එකේ මිනිස්සු කියන කතා අදාළම නෑ නේද කියලා. ඒවගේත් ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි මිනිස්සුන්ගේන් කතාවක් අහගන්නේ නැතුව ඉන්න ගොඩාක් අමාරුයි. ඔය කට කතා වලට පුලුවන් ගිනි අවුලුවන්න. අපේ ඈයොත් ඉතින් එක දෙක කරලාම නේ කියන්නේ. මනුස්සයෙක් එක්ක ඇදුරුන්කමට කතා කළත් වැරදියි.කතා නොකළත් වැරදියි. හැම දේකටම කතා හදන්න තමයි මිනිස්සු කට ඇරගෙන ඉන්නේ..😒
අනෙක් කාරණේ තමයි මන් ගොඩක් බය යි ආදරණීයයන් නැති වෙනවට.හිත රිදෙයි කියලා කැත දේකටත් හොදයි කියලා කියවෙන නරක පුරුද්දක් තියෙනවා මට. කිරි හින්දා අහක දාන්නත් බෑ,උණු හින්දා බොන්නත් බෑ වගේ දේවල් නිසා ළගින් හිටපු අය දුරස් වෙලා තියෙනවා. අද මාත් එක්ක කවුරුහරි කතා කරලා හෙට අහක බලාගෙන ගියොත් ඒ තරම් අවුලක් නෑ ඉතින් මට. ඒ නිසා මන් බය යි ළග හිටපු අය ඉන්න අය ඈත් වෙනවා බලන්න..😢
මිනිස්සු විදියට ඉපදුණු අපිට ගෙනාපු ආයුශ ඉවර වෙද්දි මේ ලෝකේ දාලා යන්න වෙනවා. ඒක ලෝක ධරමතාවයක්.අපි හැමෝම ඒකට යටයි. ඒත් මට බය යි.මැරෙන්න නෙමේ.💪අම්මයි තත්තයි මාව දාලා යනවට. පොඩි කාලේ ඉදන් මන් ප්‍රාර්ථනා කළේ ලොකු සුනාමියක් ඇවිත් අම්මයි ,තත්තයි,මල්ලි මමයි අපි ඔක්කොමලාව එකට ගහගෙන ගිහින් එකට මැරෙන්න ඕන කියලා. ❤️මේ මොහොතෙත් මන් හිතන්නේ මැරෙනවා නන් අපි හතර දෙනාම එකට මැරෙන්න ඕන කියලා. මොකද අම්මයි තත්තයි නැති ජිවිතයක් මට හිතා ගන්න වත් බැරි නිසා. 😭
ඕන් ඕවාට තමා මන් ගොඩක් භය. අම්ම කියපු කතාවක් තියෙනවා. හිටියත් නෑ වගේ ජිවත් වෙන මිනිස්සුන්ට වඩා ජිවත් වුණා කියල දැනෙන්න ජීවත් වෙන්න කියලා. හැබැයි දිය රෙද්දෙන් වුණත් බෙල්ල කපන්න කප් ගහපු මිනිස්සු ඉන්න මේ සමාජේ එහෙම ජිවත් වෙන්න ගොඩාක් අමාරුයි. ඒකට ලොකු ශක්තියක් ඕන. හැබැයි ඒ ශක්තිය ලැබෙන්නත් ඒ මිනිස්සු එක්කම ඉන්න ඕනෙ. ඉදලා ඒ පන්නරය ගන්න ඕන.
එහෙම නැත්තන් ඉතින් හිටියත් නෑ වගේ තමා ඉන්න වෙන්නේ.....😏
❣️❣️❣️
-නවෝද්‍යා ගමගේ-

Comments
Post a Comment