අතීතෙන් හමා එන
සීත නල රැලි මුසුව
නුඹේ ගුණ සුවඳ මට
අදත් දැනෙන වග
අම්මෙ නුඹ දන්නවද....
නෙත කඳුලු පබැඳුම්
මුතු කඳුලින් ගෙතූ නුඹ
නෙතු අද්දරට වී
රිදුනු හිත සැනසුවදා
ආදරේ දැනුනු වග
අම්මෙ නුඹ දන්නවද....
මුතු සිහින් පොද වැටෙන
අඳුරු මාවත දිගේ
නුඹේ ඔවදන් රැල්ල
හදවත සිඹින වග
අම්මෙ නුඹ දන්නවද....
නෙක පාට මල් හීන
හදේ සිතුවම් මැව්ව
නුදුරු හෙට දිනෙක
දිනන මාවත පෙන්නූ
දුයිෂේන් ඔබ වග
අම්මෙ නුඹ දන්නවද.....
තුති කුසුම් පුද දෙමින
නුඹේ ඔවදන් රැඟෙන
ලොව කොහේ හෝ තැනක
සිනාසී මම තුටින් වග
අම්මෙ නුඹ දන්නවද.....
-සරලා සමන්මලී-
සීත නල රැලි මුසුව
නුඹේ ගුණ සුවඳ මට
අදත් දැනෙන වග
අම්මෙ නුඹ දන්නවද....
නෙත කඳුලු පබැඳුම්
මුතු කඳුලින් ගෙතූ නුඹ
නෙතු අද්දරට වී
රිදුනු හිත සැනසුවදා
ආදරේ දැනුනු වග
අම්මෙ නුඹ දන්නවද....
මුතු සිහින් පොද වැටෙන
අඳුරු මාවත දිගේ
නුඹේ ඔවදන් රැල්ල
හදවත සිඹින වග
අම්මෙ නුඹ දන්නවද....
නෙක පාට මල් හීන
හදේ සිතුවම් මැව්ව
නුදුරු හෙට දිනෙක
දිනන මාවත පෙන්නූ
දුයිෂේන් ඔබ වග
අම්මෙ නුඹ දන්නවද.....
තුති කුසුම් පුද දෙමින
නුඹේ ඔවදන් රැඟෙන
ලොව කොහේ හෝ තැනක
සිනාසී මම තුටින් වග
අම්මෙ නුඹ දන්නවද.....
-සරලා සමන්මලී-
Comments
Post a Comment