සිතක උණුසුම රදන
විටෙක සිසිලස දනන
දැනෙන ඒ සුළං සර
සමග එන පවන් පොද
කියන්නේ හිත ළග
දැවටෙනා ඔබෙ පවත...

තෙදින් ගින්නෙන් දවන
සුළං සර සැර නොවුණු කොට
රිදෙන සිත් පිරිමදින
තැවුණු සිත් තුටු කරන
දැනෙන ඒ සුළං සර
සමග එන පවන් පොද
කියන්නේ මා සිත ඔබෙ බව...

සොම්නසේ හැඩ මවා
දොම්නසේ ගති කියා
කටුක ලෙස හඩවලා
සොදුරු ලෙස සනසනා
දැනෙන ඒ සුළං සර
සමග එන පවන් පොද
කියන්නේ ඔබ
වත්කමයි මා සෙව්ව...

Navodya Gamage

Comments

Popular Posts