-කතිරයට මොහොතකට පෙර-

        පළාත් පාලන ඡන්දය සාම්ප්‍රදායික ඡන්ද දායකයා වෙත වෙනස් මුහුණුවරක් ආරෝපණය කරලා තියෙනවා.කොට්ඨාස ක්‍රමය,කාන්තාවන්ට 25%ක නියෝජන ක්‍රමය වගේම ඡන්ද පොළම ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය වීමත් පුන්චි ඡන්දයේ ඇති විශේෂතා කීපයක් වෙනවා.
       ග්‍රීකයෙන් ඇරබි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් තමයි නිදහස් හා සාධරණ මැතිවරණ කියලා කියන්නේ.ඒ වගේම රාජ්‍ය වෙනුවෙන් පුරවැසියාට ඇති පරම අයිතියක් තමයි ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය.ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ජනතාවගේ පාලන ක්‍රමයකට.එනම් රාජ්‍යයේ පාලනය බහුතර ජනතාවගේ මනාපයෙන් ඉටුවෙනවා කියන එක.එකී රාජ්‍ය පාලනය ට සෑම පුරවැසියෙක්ටම සම්බන්ධ වෙන්න පුලුවන්කමක් නෑ.ඒ නිසා රාජ්‍ය පාලනයට නියෝජිතයෝ තෝරා පත් කර ගන්නවා.ඒකට කියනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැතිනම් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කියලා.මේ තුළින් සරලවම කිව්වොත් ජනතාව,ජනතාවම විසින් පත් කර ගනු ලබන නියෝජිතයෝ හරහා පාලනයට සම්බන්ධ වෙනවා.එතකොට ඒ නියෝජිතයන්ගේ වගකීම වෙන්නේ තමන්ව තෝරාපත් කරගත්තු ජනතාව ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් කටයුතු කරන එක හා ඒ වෙනුවෙන් පෙනී ඉන්න එක.
        නමුත් එය සැබැවින්ම ඉටු වෙනවාද කියන එක නන් ප්‍රශ්නයක්.අවුරුදු 70ක් තිබූ මේ දේශපාලන ක්‍රමයෙන් දකින්න පුලුවන් වුණේ අය වැයේදි පමණක් සාමුහිකව අත් ඔසවන්න දන්න තමන්ගේ මඩිය තර කර ගන්න වෙහෙසුණු දේශපාලුවෝ ටිකක් විතරයි.මේ අතරේ උගත්,බුද්ධිමත්,ජාති හිතෛෂී දේශපාලකයෝත් නැතුවාම නොවේ.
       හෙට දින  බුද්ධිමත්ව ඉටු කළ යුතු වගකීමක් තියෙනවා.ඒ තමයි රාජ්‍ය වෙනුවෙන් අපිට පැවරී ඇති පරම හා එකම යුතුකම ඉටු කරන එක.
හිතන්න.....
මීට පෙර මැතිවරණයන්හි ඔබ පත් කළ නියෝජිතයන් ඔබ වෙනුවෙන් පෙනිය සිටිය යුතු අවස්ථා වලදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා ද?සියලු මැතිවරණ ප්‍රචාරණ නවත්වන ලෙස නියෝග කර තිබුණ ද සමාජ මාධ්‍යන් තුළින් කෙතරම් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කර තියෙනවා ද?නීතිය උල්ලංඝනය කරන මෙවැනි නියෝජිතයන් බලයට පත් වූ විට රටේ නිතිය ආරක්ශා කරන බව අපිට විශ්වාස කළ හැකි ද?
      එළඹෙන මේ නිලවරණය ඔබේ,මගේ බුද්ධිමත් භාවය පෙන්නුම් කරන්න තියෙන හොදම අවස්ථාවක්.කොළ,නිල්,රතු යන පාට කන්ණාඩි ඉවතලා ගෞරවනීය හා සුපිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් ඔබෙගේ වටිනා කතිරය භාවිතා කිරීමට ප්‍රවේසම් වන්න...

-නවෝද්‍යා ගමගේ-

Comments

Popular Posts