-නීති අද්‍යාපනයේ අනාගතය-
හොඳම දේ ළමයින්ට , ලෙනින් එහෙම කියන්නේ සියලු භෞතීය සංවර්ධනයට වැඩි බරක් , ගැඹුරක් අධ්‍යාපනය සහ අධ්‍යාපන ක්‍රමවේදය මත තිබිය යුතු බව අවධාරණය කරමින් . ඒ නිසාම රටක , අභිවෘද්ධිය නිර්ණය කරන ලිට්මස් පරීක්ෂාව බවට අධ්‍යාපනය පත්වන්නේ නිතැතින්මයි . යුක්තිය උදෙසා වන සාධාරණ ප්‍රවේශයත් ඒ සමගම රටක ජීවන තත්වය ප්‍රස්ථාරගත කරනවා . මේ කාරනා ද්විත්වයම එකට මුහු වෙන තැනක් තිබෙනවානම් ඒ නීති අධ්‍යාපනය , අධ්‍යාපනයේ බොහෝ ස්ථම්භයන් ඉරි තලා ඇදවැටුණු දුෂ්කරතම දශකයන් ගණනාවක් පුරා ගුණාත්මක භාවය අවියෝජනීයව රැක ගන්නට සමත් වුණු ක්ෂේත්‍රයක් ශේෂව තිබුණා නම් ඒ නීති අධ්‍යාපනය පමණයි .
ශ්‍රි ලංකා නීති විද්‍යාලය , රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි නීති පීඨයන් , සහ විවෘත විශ්වවිද්‍යාලය විසින් බොහෝ වැර වෑයමින් රැකගත් ඒ ගෞරවණීය ශක්තිමත් විද්‍යාර්තී ස්ථම්භය කිසිවක් හෝ කිසිවෙක් ඉදිරියේ ගරා නොවැටිය යුතු බව ප්‍රගතිශීලී ශිෂ්‍ය ව්‍යාපාරය විස්වාස කරන අතරම වාස්තවික අභියෝගයන් සහ අර්බුදයන් කෙරෙහි සාධනීය ලෙසින් මැදිහත් වන්නටත් ඒ උදෙසා වන බුද්ධිමය සහ ශ්‍රම දායකත්වය දක්වන්නටත් ප්‍රගතිශීලී ශිෂ්‍ය ව්‍යාපාරය අනුලංගනීයව දායක වන බවත් අවධාරණය කල යුතුමයි .
නීති අධ්‍යාපනය කෙරෙහි පෞද්ගලික ව්‍යවසායකයන් ගේ මැදිහත් වීම නෂ්ට කලයුතු , සපුරාම අහෝසි කළයුතු ක්‍රියාවලියක් ලෙස ප්‍රගතිශීලී ශිෂ්‍ය ව්‍යාපාරය යෝජනා නොකරන අතරම නීති අධ්‍යාපනය කෙරෙහි තාර්කික වරණයක් , ගුණාත්මක විෂය නිර්දේශයක් සහ සංවිධිත විභාග ක්‍රමයක් සමග ප්‍රාමාණික සංතුලනයක් තිබිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු .
එබැවින් මුදල මත පමණක් පදනම්ව නීති වෘතිකයන් බිහි කරන්නට උත්සහ කරන සහ ලාභය පරම අරමුණ කරගත් නීති අධ්‍යාපන වෙළඳාම නැවතිය යුතු බවත් පෞද්ගලික නීති අධ්‍යාපන ආයතන සියල්ල ප්‍රමිති කරණයකට සහ නියාමනයකට ලක් කරමින් වඩාත් ඉහල තත්වයේ විද්‍යාර්තීන් නිර්මාණය කලයුතු බවට අවධාරණය කරන්නෙමු .
අසමතුලිත සහ අසංවිධිත බඳවාගැනීම් හරහා මේ මොහොත වන විටත් ලාංකේය නීති අධ්‍යාපනය අර්බුදයකට යොමු කර ඇති අතරම විභාග ප්‍රථිපල සංඛ්‍යා ලේඛන ඒ බව මනාවට තහවුරු කරමින් සිටී . ඒ සමගම බැඳුනු අර්බුද රාශියක් හිස ඔසවමින් සිටින අතරම ඒ සියළු ගැටළු ඔබට පැහැදිලි කරන්නටත් එම තත්වය මඟ හරවා ගනිමින් වඩා යහපත් හා ගෞරවනීය හෙට දවසක් ඔබට දිනා දෙන්නට ප්‍රගතිශීලී ශිෂ්‍ය ව්‍යාපාරය අනුලංගනීයව කැපවන බවත් සපථ කොට සිටින්නෙමු.
-නවෝද්‍යා ගමගේ-

Comments
Post a Comment