-21 වන සියවසේ මහා මොලකරු-

ඔහු මරණය වැළද ගත්තේ ය.නමුත් මා ඔහුට නිවන් සුව හෝ ස්වර්ග මෝක්ශය නොපතමි.ඒ;ඔහු මරණයෙන් මතු ජීවිතයක් ඇතැයි විශ්වාස නොකළ අදේවවාදියකු බැවිනි.

   21 වන සියවසේ මහා මොළකාරයා නමින් හැදින්වෙන ඔහු Stephen Hawking ය.ඔහු අවුරුදු 21 සිටම මරණයේ අභියෙස ජීවත් වූ කෙනෙක් ය.එයට හේතුව ඔහු අවු 21 සිටම භයානක නියුරෝන (ස්නායු) රෝගයක් වන Amyotropic Lateral Sclerosis රෝගයෙන් පීඩා විදි කෙනෙකු වූ නිසා ය.Hawking ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ එම රෝගයට ගොදුරු වූවන්ගෙන් 95%ක් රෝග ලක්ෂණ පහළ වීමෙන් මාස 2-3ක් අතර මිය යන බවත් 5%ක් පමණ අවුරුදු කීපයක් ජීවත්වන්නට තරම් වාසනාව ලබන බවත් ය.Hawking අවු 21 සිට අවු 76 දක්වා එම රෝගයෙන් පීඩා විදි අතර එම කාලය තුළ ඔහුගේ චර්‍යාවන් රෝද පුටුවකට සීමා විය.Hawking මිය යෑමට පෙර කාලයේදි සන්නිවේදනය කර ඇත්තේ ඇහිබැමි ආධාරයෙන් බවත් ප්‍රකාශ වේ.
   සෛද්ධාන්තික භෞතික විද්‍යාව ඉගෙනීමේ අරමුණින් ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ශය වන්නේ විශ්වවිද්‍යාල ජීවිතය යි.එහිදි ඔහු සෛද්ධාන්තික භෞතික විද්‍යාව (සාදාරණ සාපේක්ෂතා වාදය), විශ්වවේදය(කලු කුහර සංකල්පය), ක්වන්ටම් යාන්ත්‍රිකය හා විද්‍යා සන්නිවේදනය ඉහළ නැංවීමට අදාළ කරුණු අධ්‍යනය හා පර්යේෂණය කරමින් එයින් ලබා ගත් දැනුම ලොවට දායාද කළේ ය.එමෙන්ම ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ද හැරවුම් ලක්ශය වන්නේ කේම්බ්‍රිජ් සරසවි යයි.කේම්බ්‍රිජ් හි භාෂා කලා සාහිත්‍ය හැදෑරූ පසුකලෙක නවකතාකාරියක ලෙස ලොව ප්‍රකට වූ Jane Wild සමග Hawking පෙමෙන් බැදෙන්නේ ය.Jane තමාගේ හා Hawking ගේ ආදර කතාව වෙනුවෙන් ලියූ Traveling to Infinity ; My Life with Stephen නවකතාව ඇසුරින් පසු කාලයේ James Marsh ගේ අධ්‍යක්ෂණයෙන් The Theory of Everything නමින් චිත්‍රපටයක් ද නිර්මාණය වුණි.Hawking ගේ හා Jane ගේ ජීවිතය සරසන්නේ Catherin Lucy Hawking ,Robbert Hawking හා Timothy Hawking යන දියණිය හා පුතණුවන් දෙදෙනා විසිනි.සිය දියණිය Lucy සමග එක්ව Hawking විද්‍යා ප්‍රබන්ධ කීපයක් රචනා කර ඇති අතර Cosmic Treasure Hunt,Key to the Universe යන කෘති ලෝක ප්‍රකට වේ.
   Hawking ගේ කලු කුහර පිළිබඳ අද්‍යනය අයින්ස්ටයින් ගේ මත පවා ප්‍රශ්න කරන්න ට විය.Hawking මිය යෑමට සති 2 කට පෙර විශ්වයේ අවසානය ගැන A Smooth Exit From External Inflation නමින් පර්යේෂණ පත්‍රිකාවක් ද සම්පූර්ණ කර ඇත.එමෙන්ම ඔහු විශ්වයන් සමූහයක පැවැත්ම ගැන මත පළ කර ඇත.
   මරණය ට පෙර Hawking ප්‍රකාශ කර ඇත්තේ විකිරණය ට අදාළ Hawking සූත්‍රය තමාගේ සොහොනේ කොටනවා නන් තමන් සතුටු වන බව ය.
   අවු 21 දී ඉතා දරුණු නියුරෝන රෝගයකට ගොදුරු වූ ඔහු දිගු කලක් ජීවත් නොවන බවට අනාවැකි පළ කර තිබුණ ද තම දැනුමෙන් විශ්වය එළිය කොට අවු 76 ක් ජීවත් වූයේ Jane වෙතින් ලැබූ ආදරය ,රැකවරණය හා සෙනෙහස නිසාවෙන් බව විචාරකයන් හා Hawking ගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.සැබැවින්ම Hawking ට සතුටින් ජීවත් වන්නට එය හේතු වන්නට ඇත.
   Hawking නිතරම පැවසූ වාක්‍යක් ඇත.
         "ලොව පවතින්නේ එය අසම්පූර්ණ නිසා ය."

ඉදින් 21 වන සියවසේ මහා මොළකාරයානෙනි,
          ඔබට සුභ ගමන්!!!

-නවෝද්‍යා ගමගේ-

Comments

Popular Posts