-නොවැම්බරයේ සිට ලියවෙන මාර්තු කාන්තා දිනය-
මාර්තු 08..ඒ කියන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය දවස.මාර්තු අටේ වැදගත්කම වෙනුවෙන් උතුරු කරයේ වගේම දකුණු කරයේත් කාන්තා අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් නානාවිධ උත්සව හා මාධ්‍ය සංදර්ශන පැවැත්වෙන්නට ඇති.ඒ වගේම තල්පතේත් පන්හිදේත් අට වෙනුවෙන් බොහෝ අකුරු ලියවෙන්නට ඇති.ජාත්‍යන්තර කාන්තා දිනයත් හරියට පෙබරවාරි 14 වගේ.සීනි බෝල කතා ලෝකය යි.ඒ කියන්නේ කාන්තාව ප්‍රායෝගික වේදිකාවේ මුහුණ දෙන ගැටලුකාරි යතාර්ථය පසෙකලා ගිරා පෝතක මාධ්‍ය කරුවන්ගේ කෝලමක් බවට මාර්තු 08 පත්වෙලා තියෙනවා කියන එක.
ඉතිහාසය විපරම් කළොත් එහෙම මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය වෙන්නේ 1908 වසරේ මාර්තු 08 වනදා ඇමෙරිකාවේ එක්තරා ඇගලුම් කම්හලක තරුණ සේවිකාවන් පිරිසක් එතෙක් පැවත්වුණු පැය 16 ක වැඩමුරය පැය 10 තෙක් අඩු කිරීම වෙනුවෙන් කරපු අඛන්ඩ හා ශක්තිමත් සටනක ප්‍රතිඵලයක් වශයෙන්.1910 කොපන්හේගන් නුවර පැවැත් වූ ජාත්‍යන්තර සමුලුවකදී තමයි මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් වෙන්නේ.
මාර්තු 08 වනදාට පමණක් කාන්තා අයිතීන් පිළිබඳ කතා කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්නන්ගෙන් අසන්නට ඇත්තේ එක පැනයකි.තල් අරබේ විද්‍යාලා පොල් අරබේ ප්‍රේමවති මන්ම්පේරිලා හෙට දවසේ බිහි නොවේවි ද?පෙරදිගින් සීල් තියපු සෝමවතිලාගේ මලකදන් හෙට දවසේ ගුවනේ පාවෙලා නොඒවිද?ලැයිම් කාමර ඇතුළේ මීනච්චිලාගේ විලාපයන් හෙට නොඇසේවිද?කටුනායක වෙළෙඳ කලාප වල ගැහැණු දරුවන්ට වන අතවර ගැන හෙට දවසේ පුවත්වත් වල පළ නොවේවිද?
ශ්‍රීලංකාවේ පොදු ප්‍රවාහන සේවයේදි කාන්තාවන් 90%ක් පමණ විවිධාකාරයේ හිංසනයන්ට ලක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදල විසින් පැවැත්වූ සමීක්ෂණයකදි හෙළි වෙලා තියෙනවා.එතැනදි කනගාටුදායක කරුණ වෙන්නේ කාන්තා හිංසනය පිළිබඳ නීතියේ රැකවරණය ලැබීමට ඉදිරිපත්වන්නන් 4%කටත් වඩා අඩු වීමයි.බොහෝ වින්දිතයන් එම සිද්ධීන් නිහඬ ව දරා සිටීමේ ප්රවණාතාවයක් තියෙනවා.එය කාන්තා හිංසනය වැලැක්වීමට ඇති බාධකයක් ලෙසත් හදුනා ගෙන තියෙනවා.කාන්තාවන්ගෙන් 20%ක් ගෘහස්ථ හිංසනයටත් සෑම විනාඩි 90 කටම වරක් කාන්තාවන් මත ලිංගික බලහත්කාරය සිදු වන බවත් නවතම වාර්තා හෙළි කරලා තියෙනවා.මෙහිලා බලන විට නීතියේ දෙවගනගේ නිශ්ක්රීයත්වය හා හිංසනය දැක දැකත් හැඩි දැඩි මිනිසුන් මුනිවත රැකීම සමාජ පිරිහීමට කරුණක් සේම දැඩිව පිළිකුලෙන් හෙළා දැමිය යුතු කරුණක් වෙනවා.
අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය ද මීට වෙනස් වෙන්නේ නෑ.ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ රූපන් බජාජ් නම් කාන්තාව තමාට අතවර කළ ඉතා සැර පරුශ,කිසි කෙනෙක් වචනයක් වත් නොකියන පන්ජාබ් පොලිස්පති කේ.පි.එස්.ගිල් ට විරුද්ධව දාපු නඩුකරය අවුරුදු 17 කට පසු පොලිස්පති වැරදිකරු කරමින් නිමාවට පත් වීම පසුගිය කාලයේ ඉන්දියාවේ මෙන්ම ආසියාතික සමාජයේ මහත් ආන්දෝලනයකටපත් වුණ නඩුවක් වෙනවා.ඉන්දියානු කාන්තාවක් කාන්තා හිංසනයට එදිරිව පැවරූ පළමු නඩුකරය ලෙසත් මෙය ඉතිහාස ගතවනවා පමණක් නොව තමන්ට වූ හිරිහැර, අඩත්තේට්ටම්, බලහත්කාරකම් ඉවසා සිටින දෙනෝදාහක් කාන්තාවන්ට රූපන් ගේ එම හැසිරීම උත්තේජනයක් වූ බව නියතයි.
2018 පළාත් සභා මැතිවරණයේ 25%ක් කාන්තා අයිතිය සහතික කළ යුතු බවට වූ පොරොන්දු ; මැතිවරණ පොරොන්දු වලට පමණක් සීමා නොකර ලොව ප්‍රථම අගමැතිනිය බිහි වූ ශ්‍රීලංකාවේ සිටින කාන්තාවන්ට ද වඩා යහපත් හා නිසි අයිතීන් වැළද ගැනීමට ඉඩකඩ ඇති හොද හෙටක් උදා කරලීමට හා හිංසනය ඉදිරියේ නිහඩ වීමෙන් තොරව අනෙකාගේ අපහසුතාවය වෙනුවෙන් හඩ අවධි කිරීමෙන් කාන්තා හිංසනයේ යල් පැන ගිය දූපත් සංස්කෘතියෙන් මිදෙන්නට අපි සැවොම ඉටා ගත යුතු කාලය එළඹ ඇත.
❤️
-නවෝද්‍යා ගමගේ-

Wow kella, good luck
ReplyDeletegreat !
ReplyDeleteThank u..💛
Deletewade hodai digatama liyanna
ReplyDeleteThank u aiye..💛
DeleteSuperb work!!.. continue the blog with more and attractive way... and many more tools out there to customize ur blog.... use them efficiently
ReplyDeleteThank u pawan..💛
Delete