සංචාරක කර්මාන්තයේ පිමි පැනීමට සබද කිම පමා....?
-----------------------------------

බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපා රටවල් විසින් ලංකාවට නොඑන ලෙස එම රටවල ජනයාට පූර්ව ඇගවීම් නිකුත් කළ තිබූ කාලය පසුකර එළඹ ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම දෙස අවදානය යොමු කළ යුතු කාලය යි. ඒ සදහා බළධාරීන්ගේ දෑස් විවර වන තුරු හුදු සංචාරක කර්මාන්තය පිළිබද ඇල්මක් ඇත්තවුන් බලා සිටිනු ඇත. ලෝක ආර්ථිකයේ 80%ක් වන විශාලතම රැකියා උත්පාදන මාර්ගය වන්නේද ලොව රටවල් 83%ක් හොදම විදේශීය ආදායම ලබන්නේ ද සංචාරක කර්මාන්තය තුළිනි. දස දෙස සෞන්දර්යයෙන් අනූන පහසුකම් තිබෙන ශ්‍රී ලංකාව ද ගෝලීය වශයෙන් පිළිගත් සංචාරක සංවර්ධන ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් හා ඊට නොමද දායකත්වය ලබා දීමෙන් ලංකාවට ද විශාලම ආදායම උත්පාදනය කර ගන්නා කර්මාන්තය බවට පෙරළා ගත හැකි වනු ඇති.

වර්තමාන ශ්‍රී ලංකාව ඒ සදහා මුල් පියවර ගෙන ඇත. එනම් ආගන්තුක සත්කාර ක්ශේත්‍රයේ පුහුණුව වෙනුවෙන් පෞද්ගලික අංශය සමග කටයුතු කරන්නට රජය විසින් 15 000 දක්වා ගාස්තුවෙන් 50% ක් රජය ගෙවනු ලබයි. පුහුණු පාසැල් ආරම්භ කිරීම සදහා බදු සහන ලබා දේ. පුහුණු ශාලා ඉදි කිරීමේදි 50% ක බදු සහන ලබා දේ. දෙද්දූව,මිරිස්ස,බෙන්තොට වැනි ප්‍රදේශ වල සංචාරක කර්මාන්ත ඇති කිරීමට යෝජනා කර තිබේ. සංචාරක ක්ශේත්‍රයේ ලියාපදිංචි වී නොමැති 60% හි ප්‍රමිතිය ඇතිකර ලියාපදිංචි කිරීමට කටයුතු සම්පාදනය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ සිව් දිගින් විසිර පවතින්නා වූ ස්වභාව සෞන්දර්යයෙන් අනූන චමත්කාර පරිසරය මෙනෙහි කරන කල බුද්ධියෙන් කල්පනා කොට කටයුතු කළ හොත් සංචාරක කර්මාන්තය යනු වේගයෙන් වර්ධනය කර ගත හැකි ව්‍යාපාරයකි. ඒ සදහා ලංකාවේ පවතින ශක්‍යතා හා ගැටලු පැහැදිලිව හදුනා ගත යුතුය. විනෝදාසවාදය හා විවේකය සමග  පරිසර හිතකාමි වාතාවරණයක් සහතික කර දීම තුළින් මේ තත්වය වඩාත් යහපත් වනු ඇති. මෙහිලා වැදගත් අංශයක් වන්නේ හෝටල් ක්ශේත්‍රය යි. මෙහිදි මුහුණ දෙන ප්‍රධන ගැටලුවක් වන්නේ පුහුණු මානව සම්පත හිග වීමයි. එමෙන්ම රැකියා වල ගුණාත්මකභාවය වර්ධනය නොවීමත් යම් යම් රැකියා සදහා සමාජයෙන් දෙනු ලබන පිළිගැනීමේ මදිකම නිසාත් සමහර තනතුරු වල හිස් බවක් දක්නට තිබේ. රැකියාව පිළිබද අනවබෝධය  හා අතෘප්තිමත් භාවය වැනි හේතූන් මත කාන්තා දායකත්වය ද අඩු මට්ටමක පවති. මේ ගැටලු අවම කිරීම සදහා රජය විසින් උසස් අධ්‍යාපනය සදහා සංචාරක  ව්‍යාපාර කළමනාකරණ පාඨමාලා, ආගන්තුක සත්කාර පාඨමාලා හදුන්වා දී ඇත. ඒ අනුව කොළඹ ,සබරගමුව වැනි රජයේ විශ්වවිද්‍යාල වල මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, පශ්චාද් උපාධි ඒ ඒ අංශ වලින් පිරි නමනු ලබයි.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය දෙස අවධානය යොමු කිරීමේදි සංචාරක කර්මාන්තයේ භාව්තා කරන්නා වූ ආහාර මගින් 48%ක්ම විදේශීය රටවලට ඇදී යන බැවින් දේශීය ආහාර රටාවක් අනුගමනයට යෝජනා ඉදිරිපත් වී ඇත. E Tourism  හෙවත් විද්‍යුත් සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම සමග සංචාරකයින් වෙත විශාල පහසුවක් අත් කර දෙන්නට හැකියාව ලැබී ඇත. ඔවුනට දේශීය ගුවන් ගමන් පහසුකම් සලසා දීමත් මෙහිලා වැදගත් පියවරක් වනු ඇති. මෙහි මූලාරම්භය සනිටුහන් වන්නේ 1966 ලංකා සංචාරක මණ්ඩල පනත හා ලංකා හෝටල් සංස්ථා පනත මගිනි.

මෙම සංචාරක කර්මාන්තය තුළින් අතිරේක ආදායම් නිර්මාණය වීම හමුවේ ලාංකිකයන්ගේ රැකියා වියුක්තිය අවම කිරීමට උපකාරී වී ඇත. ඒ හා සමගාමී ව නගර ඉදි කිරීම, ගුවන් පාලම්, අධිවේගි මාර්ග තැනීම ,නගර පිරිසිදුව හා අලංකාරව තැබීම ආදි නාගරික සංවර්ධන කටයුතු ද පුලුල් වී ඇත.

පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුධාවලි ලත් ලංකාව අතීතයේ පටන් විදේශිකයන්ගේ ආකර්ශනයට ලක් වූ දිවයිනක් බව තිවිධ ආක්‍රමණයන්ගෙන් පෙනී යයි. මාකෝපෝලෝ, පාහියන්, නොක්ස් වැන්නවුන්ගේ වාර්තාවන්ට අනුව ද අතීතයේ ලංකාව විදේශිකයන්ගේ අනිවාර්‍ය නැවතුම්පොළක් බවට පත්ව ඇත. එදා විදේශිකයන් ගේ ලංකා ගමනය මෙදා විනිමය ආදයමක් උත්පාදනය කරන්නා වූ හා රැකියා වියුක්තිය අවම කිරීමට සමත් ව්‍යාපාරයක් බවට පත් ව ඇත්තේ ය.
ඒ අනුව දුයුණු රටවල පර්‍යේශන ප්‍රතිපත්ති ,උපාය මාර්ග පදනම් කරගෙන ලංකාවේ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස බලයට පත් වන රජයටත් සමස්ත ජනතාවටත් වගකීමක් හා යුතුකමක් ඇති අතර එය නොපිරිහෙළා ඉටු කළ යුතු කාලය උදා වී ඇත.

-නවෝද්‍යා ගමගේ-

Comments

Post a Comment

Popular Posts