රළු පපුවක් යට දැල්වුණු සෙනෙහස
පිනි කඳුලක් දෑසග තැවරූ දින
යලි නොඑනා දුර ඈත ගිහින් තව
අප්පච්චී නුඹ එන්නේ කවදද...
දොහොත් මුදුනෙ බැඳ නුඹෙ පා වැඳි විට
හිස අතගා මගෙ නළලත සිඹ නුඹ
සැනසූ එදවස් මතකෙට අරගෙන
හීනෙන්වත් මං එන්නද තුරුලට...
මතකය පමණක් හදවත සිඹ සිඹ
ලතැවුල් සෝ ගිනි අවුලයි තත්පර
දිවි මග සරු කර ඵල ලබනා විට
ගියෙ ඇයි නුඹ මා සිර කර කඳුලක...
ඉකිබින්ඳත් රෑ මැදියම් අඳුරෙම
හසරැල් සඟවන් රහසෙම ගිය නුඹ
යලි කවදාවත් මා සනසන්නට
පුතේ කියා අමතන්නේ නැතිවද...
-සරලා සමන්මලී-
පිනි කඳුලක් දෑසග තැවරූ දින
යලි නොඑනා දුර ඈත ගිහින් තව
අප්පච්චී නුඹ එන්නේ කවදද...
දොහොත් මුදුනෙ බැඳ නුඹෙ පා වැඳි විට
හිස අතගා මගෙ නළලත සිඹ නුඹ
සැනසූ එදවස් මතකෙට අරගෙන
හීනෙන්වත් මං එන්නද තුරුලට...
මතකය පමණක් හදවත සිඹ සිඹ
ලතැවුල් සෝ ගිනි අවුලයි තත්පර
දිවි මග සරු කර ඵල ලබනා විට
ගියෙ ඇයි නුඹ මා සිර කර කඳුලක...
ඉකිබින්ඳත් රෑ මැදියම් අඳුරෙම
හසරැල් සඟවන් රහසෙම ගිය නුඹ
යලි කවදාවත් මා සනසන්නට
පුතේ කියා අමතන්නේ නැතිවද...
-සරලා සමන්මලී-
Good job
ReplyDelete